කෙසෙල් ගැන නොදන්න දේවල් -01

m%fNao úh<s l,dmh m<;=re iSks flfi,a (ABB) m%f...

කෙසෙල් ගසක මහිම








අපි කව්රැත් කප්රැකක් කියල දන්නේ පොල් ගහ වුණාට මේ කෙසෙල් ගසක මහිම පොත කියවන ඕන කෙනෙකුට තේරෙනව කෙසෙල් ගහ කියන්නෙත් හැබෑම කප්රැකක් වග.

තුරැලියපත් සිතුවම් කලාව නම් පරිසර හිතකාමී නිර්මාණ කලාවේ පුරෝගාමියා වන අජිත් සුසන්ත කලාකරැවාගේ අලුත්ම පර්යේෂණ ග්‍රන්ථය තමයි කෙසෙල් ගසක මහිම කියල කියන්නේ.
ගොඩක් අය කෙසෙල් ගෙඩි කනව ඇර දෙයක් ගෙසෙල් ගස ගැන දන්නෙ නැති වුණාට කෙසෙල් ගහෙන් ඊට වටා වැඩි ප්‍රයෝජන රාශියක් ලබාගන්න පුඑවන් බව මේ කෘතිය තුළ පැහැදිලි වෙනව.සාරාංශයක් වශයෙන් ගත්තොත්,

  • ·         කෙසෙල් වගාව

  • ·         කෙසෙල් වර්ගීකරණය

  • ·         කෙසෙල් ප්‍රභේද

  • ·         කෙසෙල් පිළිබද වන  ආගමික හා ‍ෛඑතිහාසික පසුබිම

  • ·         කෙසෙල් අල,කද,කොළ,ගෙඩි,මුව(මල)යන පංචවිද අංගයන්ගෙන් ලබාගතහැකි සියලු ප්‍රයෝජන

  • ·         කෙසෙල් යොදා ගත හැකි ආහාර වර්ග,අත්බෙහෙත්,නිර්මාණ කලාව

යනාදි වශයෙන් කෙසෙල් ගස පිළිබද සකලවිද දෑ මෙම කෘතියෙහි අන්තර්ගතවේ.
පාසල් සිසුන්ට,විශ්ව විද්‍යාල සිසුන්ට,ගොවියන්ට,ගෘහනියන්ට,වෛද්‍යවරැන්ට,නිර්මාණකරැවන්ට මෙන්ම සමස්ත පොදු මහජනයාට එකසේ වැදගත් වන කෘතියකි කෙසෙල් ගසක මහිම.

ගොඩගේ ප්‍රකාශනයක් වන මෙම කෘතිය ඕනෑම පොත්සැලකින් මිලදී ගැනීමටත් පහත වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමටත් හැකිය.

No comments:

Post a Comment

© Copyright 2015. Website by Way2themes